Header Ads Widget

Ad Code

පරිගනක භාෂා ( Programming Languages ) හදුනා ගනිමු.


ලෝකයේ කොතෙකුත් මිනිසුන් වාසය කළත් ඔවුන් තමන්ගෙ අදහස් හුවමාරු කරගැනීම
උදෙසා විවිධ භාෂාවන් බාවිතා කරනවා...නමුත් පරිගනක භාෂා යනු එවැනි භාෂාවක් 
නොවේ...අපට පරිගනකය සමගත් සන්නිවේදනය කිරීම සදහා කිසියම් භාෂාවක් අවශ්‍යයි...
තමුත් පරිගනකය දැනුවත් Binary නොහොත් දෙකේ පාදයේ සංඛ්‍යා පමණයි...තව දුරටත්
විස්තර කළහොත් 0 සහ 1 සංඛ්‍යා පමණයි...

Binary නොහොත් දෙකේ පාදයේ සංඛ්‍යා බාවිතා කරමින් අපට පරිගනකය සමග ගණුදෙණු
කිරීමට තරමක් අපහසුයි...මේ නිසා අප පරිගනක භාෂාවක් අනිවාර්යයෙන් භාවිතා කළ යුතු
වෙනවා...




මොනවද පරිගනක භාෂාවන් ?

මෙම ලිපිය කියවන ඔබට උදාහරණයන් සමගින් පහදා දෙන්නම් මොනවද මේ  පරිගනක 
භාෂාවන් කියා...

උදා :- Java , C , C++ , C# 

තරමක් ප්‍රසිද්ධියට පත් , පරිගනක මෘදුකාංග නිපදවීම සදහා බාවිතා වන භාෂාවන් නම්
මෙසේයි...

අප තවදුරටත් පරිගනක භාෂාවන් සම්බන්ධයෙන් අධ්‍යනයක යෙදෙමු...

Programming Languages කොටස් දෙකකට බෙදා දැක්වීමට පුලුවන්...

1. High Level Programming Languages

2. Low Level Programming Languages

High Level Programming Languages

මේ පිළිබද ඉතාමත් සරලව පහදා දීමේදී මිනිසා විසින් එදිනෙදා බාවිතා කරන වචන එම
Programming Language එකේ ඇත්නම් , එය අපට තේරුම් ගත හැකිනම්
එම Language එක High Level Programming Language එකක්
ලෙස හැදින්වේ...

මෙයට උදාහරණයන් මෙසේය...

උදා :  C++,Java,Vb.Net

Low Level Programming Languages

ඉහත පහදා දීමෙන් Low Level යන්න ඔබට තේරුම් ගැනීමට හැකියාවක් ලැබෙන බව
නොඅනුමානයි...කෙසේවෙතත් Low Level Programming Language එකක්
යනු අපට එදිනෙදා බාවිතයේදී හසු නොවන  වචන පෙළක් සහිත Language එකකි...

Translators , Compiler & Interpreters

අප ඉහතදී සදහන් කළ High Level Programming Language සහ 
Low Level Programming Language එකක් බාවිතා කරමින් 
ලියන ලද Program එකක් Machine Code එකකට හැරවිය යුතු වනවා...
එය Translators යනුවෙන් හැදින්වෙනවා...

Compiler යනු අප විසින් ඉහතදී සදහන් කළ පරිදි Program එකක් Print කිරීම
සදහා Compile කළ යුතු වනවා...එහිදී ඔබට Program එකේ ඇතැම් විට පවතින
Errors හදුනා ගැනීමට පුලුවන්...

අපගේ Program එක Machine Code එකට හැරවෙනුයේ පේලියෙන් පේලිය නිසාවෙන්
එය සිදුවනුයේ මෙම  Interpreter එක ආධාරයෙනුයි...

මම මෙම ලිපියෙන් ඔබට ඉදිරිපත් කරනුයේ පරිගනක භාෂා නැතහොත් Programming
Languages පිළිබද ඔබට තේරුම් ගැනීමට පහසු ලෙස සැකසූ ඉතාමත් ‍කෙටි ලිපියකි...
ඔබට මේ පිළිබදව ගැටලු වෙතොත් අප වෙත දන්වන්න...

ඉදිරි ලිපියකින් නැවතත් හමුවෙමු...

About Thanuja Janakantha

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 Comments:

Post a Comment